එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පත් කර තිබෙනවා.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.
තලතා මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වී රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරනු ලැබුවා.
මෙතෙක් පක්ෂ මහ ලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත පක්ෂ අභ්‍යන්තරයෙන් විවිධ චෝදනාද එල්ල වී තිබුණ පසුබිමකයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.