ඕස්ට්‍රේලියාවේ පර්ත් වෙත 5.4Kg ක මත්ද්‍රව්‍ය ආනයනය කළ චීන යොවුන් තරුණයකු සිරගත කරයි

Published on

ඕස්ට්‍රේලියාවට මෙතම්ෆෙටමින් 5.4Kgකට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමේ අසාර්ථක කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 17 හැවිරිදි චීන ජාතිකයෙකුට පර්ත් බන්ධනාගාරයේ වසර හයකට වැඩි සිරදඬුවමක් නියම වී තිබෙනවා.

නීත්‍යානුකූල හේතූන් මත නම් කළ නොහැකි මෙම පිරිමි ළමයාට දෙසැම්බර් 11 වන දින වසර 6 යි මාස 7 ක සිරදඬුවමක් නියම කරන ලද අතර ඒ වසර තුනක සහ මාසයක නිදහස් නොවන කාලයක් සමඟයි.

මෙම සිරදඬුවම නියම කරන්නේ ජුනි 25 වන දින ඔහුගේ නැගෙනහිර පර්ත් මහල් නිවාසයේදී අත්අඩංගුවට ගෙන මාස හයකට පමණ පසුවය.

සතියකට පෙර, ඔහුගේ ලිපිනය සඳහා නියම කර තිබූ ගල් පිළිම පාද හතරක් හොංකොං රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව (HKCE) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් (AFP) නිලධාරීන් විසින් මෙම තරුණයාගේ මහල් නිවාසය පිරික්සීමේදී, පඩිපෙළ තුළ සඟවා තිබූ මෙතම්ෆෙටමින් ඇසුරුම් හතරක් මුළු කිලෝග්‍රෑම් 5.42 ක් මෙන්ම, ශීතකරණයේ තිබී methamphetamine ග්‍රෑම් 850 ක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම methamphetamine ආනයනය කිරීමට උත්සාහ කළ බවට සහ ඔහු මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද තරාදි සහ ක්ලිප් සීල් බෑග්වලට සම්බන්ධ සාක්ෂි ද සොයා ගන්නා ලද බවයි කියන්නේ.

තරුණයා පසුගිය මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර AFP විශ්වාස කරන්නේ ඔහු පර්ත් නුවරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සුදානම්ව සිට ඇති බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this