රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයාධිපති වශයෙන් K.G.P.පුෂ්පකුමාර මහතා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙක් වන ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසයි මීට පෙර කටයුතු කළේ.
පුෂ්පකුමාර මහතා මෙම නව තනතුරට පත් කෙරුණේ ගංගානි ලියනගේ මහත්මියගේ සේවා කාලය පසුගිය 24 වැනිදායින් අවසන් වූ නිසා හිස් වූ පුරප්පාඩුවටයි.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය පසුගිය රජයේ මැතිවරණ සමයන්හිදි මුදල් නොමැතිව ලිපි ලේඛණ මුද්‍රණය කිරීමට නොහැකි බව පැවසීමත් සමග දැඩි කතා බහට ද ලක් වුණා.