හපුතලේ ප්රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අද (31)පස්වරුවේ හපුතලේ – බෙරගල මාර්ගයේ 48 කිලෝමීටර් කණුව අසල දී වෑන් රථයක් තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගලක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා දියතලාව සහ හපුතලේ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
ඊට අමතරව ප්රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කළ අයගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.