2025 වර්ෂයේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගේ පන්ති ආරම්භ වන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන්ගේ පන්ති ආරම්භය ජනවාරි මස 30 වැනිදා සිදුකෙරන බවයි පැවසෙන්නේ.
සියලුම සිංහල,දෙමල සහ මුස්ලිම් පාසල් සදහා මෙය වලංගු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.