ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් ගිණුමේ පාලනය අනවසර පුද්ගලයෙක් විසින් නතු කර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම නාලිකාවට, ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය මණ්ඩලයට පිවිසීම අවහිර කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
ඒ අනුව ඔවුන් කඩිනමින් යුටියුබ් නාලිකාව යථා තත්ත්වයට පත් කර ගැනීමට පියවර ගනිමින් සිටිනවා.
මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට එම වෙබ් අඩවිය ද අනවසර පුද්ගලයෙකුගේ පාලනයට නතු වී ඇති බවයි පැවසෙන්නේ.