හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය රජය සමයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා කරමින් හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර නානායක්කාර මහතා ඊයේ (28) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
බිබිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන්.
සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදි ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය නියෝග කළේ සැකකරු ලබන ජනවාරි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.