2025 වර්ෂයේදී සමගි ජන බලවේගය අලුත් මුහුණුවරකින් ජනතාවට සමීප වීමට කටයුතු කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව නායකත්වය හැර අනෙකුත් තනතුරුවල වෙනසක් 2025 වර්ෂයේදී සිදුකිරීමට නියමිත බවයි ඔහු පවසන්නේ.
මහ මැතිවරණයේ ලැබූ විශාල පරාජය හමුවේ බොහෝ පිරිස් සන්ධානයෙන් වෙන්ව ගිය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එලෙස වෙන්ව ගිය අය පරාජය කියන දේටත් මුහුණදීමට ඉගෙන ගත යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.