ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල මිල ඉහළ දමයි

Published on

ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල මිල 2025 ජනවාරි 1 සිට ඉහළ දමා තිබෙනවා.

එහිදී නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හෝ අලුත් කිරීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියානුවන්ට ජනවාරි 1 වැනිදා සිට සංචාරක ලේඛනය සඳහා ඊටත් වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අවුරුදු 75ට වැඩි පුද්ගලයන්ට සහ ළමුන් සඳහා වසර පහක ගමන් බලපත්‍ර වෙනුවෙන් පිරිවැය ඩොලර් 201 සිට ඩොලර් 208 දක්වා වැඩි වන අතර ප්‍රතිස්ථාපන විදේශ ගමන් බලපත්‍රය (replacement passport) ඩොලර් 250 සිට ඩොලර් 259 දක්වා වැඩි කෙරේ.

එරට විදේශ කටයුතු ප්‍රකාශක සයිමන් බර්මින්හැම් පවසා ඇත්තේ ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ විදේශ නිවාඩුවක පිරිවැය වඩාත් මිල අධික වී ඇති බවත්, බොහෝ ඕස්ට්‍රේලියානුවන් බාලි හෝ ෆීජි වෙත විශේෂ නිවාඩුවක් ගත කිරීම සඳහා මුදල් ඉතිරි කර ගත්තද විදේශ ගමන් බලපත්‍රයක පිරිවැය ගුවන් ගමන් ගාස්තුවට සමාන වී ඇති බවයි .

ඉහළ මට්ටමේ තාක්ෂණික නවීනත්වයක් ඇති ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 180 කට අධික සංඛ්‍යාවකට වීසා රහිත ප්‍රවේශය පවතිනවා.

2024 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, රටවල් 189කට වීසා රහිත ප්‍රවේශය සහිත, ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර ලොව පස්වන බලවත්ම ගමන් බලපත්‍ර වීම ද විශේෂත්වයක්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this