කෝටි 100ක කෝකේන් සමග කාන්තාවක් කටුනායකදි අත්අඩංගුවට

Published on

රුපියල් කෝටි 100ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

අද (29) අලුයම 1.50ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඝානාවේ සිට මෙරටට පැමිණි කාන්තාවක් නිලධාරීන් විසින් විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

එහිදි ඇයගේ ගමන් මලු තුළ සූක්ෂ්ම ලෙස සඟවා ගෙන රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4068ක් එහි තිබී සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 41 හැවිරිදි දකුණු අප්‍රිකානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest articles

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

More like this