2024 ඕස්ට්‍රේලියාවේ පැවති Rolex Sydney Hobart Yacht Race හි පළමු රාත්රියේදී නාවිකයන් දෙදෙනෙක් අනතුරුවලින් මිය ගිය බව උත්සව සංවිධායකයකයන් නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Cruising Yacht Clubහි සාමාජිකයකු සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ Flying Fish Arctos හි එක් නාවිකයෙකු සහ Bowline හි තවත් නාවිකයෙකු තරඟය ආරම්භ වී පැය දෙකක් අතරතුර රුවල් බූම් පහරකින් මිය ගිය බවයි.
එමෙන්ම තවත් බෝට්ටුවක සිටි නාවිකයෙකු වන පෝර්කෝ රොසෝ මුහුදේ ගසාගෙන ගොස් බේරා ගත් බව නිලධාරීන් ප්‍රකාශ කළා.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese X ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ප්‍රීති විය යුතු මොහොතක ජීවිත දෙකක් අහිමි වීම හද කම්පා කරවන්නක් බවයි.
“Flying Fish Arctos හි අනතුර වන විට Ulladulla සිට නැගෙනහිරට/දකුණු-නැගෙනහිර දෙසට නාවික සැතපුම් 30 ක් පමණ යාත්‍රා කරමිනුයි සිට ඇත්තේ.
“Bowline ආසන්න වශයෙන් Batemans Bay සිට නැගෙනහිර/ඊසාන දෙසින් 30nm පමණ වූ දුරකින් සිට තිබෙනවා.
නිව් සවුත් වේල්ස් පොලිස් අධිකාරී ජෝ මැක්නල්ටි මාධ්‍ය හමුවකදී කියා සිටියේ මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු බටහිර ඕස්ට්‍රේලියාවේ ආක්ටෝස් හි සිටි රෝයි ක්වාඩන් නම් 55 හැවිරිදි පුද්ගලයකු බවත්, අනෙක් පුද්ගලයා දකුණු ඕස්ට්‍රේලියාවේ නික් ස්මිත් නම් 65 වයසේ පසු වුවෙක් බවයි.
සිඩ්නි සිට හොබාර්ට් දක්වා වාර්ෂික නාවික සැතපුම් 630ක ධාවන තරඟය 1945 දීයි ආරම්භ වී ඇත්තේ.
1998 තරඟය අතරතුර කුණාටු වලින් නැවියන් 6 දෙනෙකු මිය ගොස් තිබෙන අතර තරඟයේ ඉතිහාසය පුරා මරණ 13 ක් සිදුවී ඇති බව සඳහන්.