මෙල්බර්න් ටෙස්ට් තරඟයේ දී කෝලිට දඩ

Published on

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම තරඟ තීරකවරයා කටයුතු කර ඇත්තේ කෝලිගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමටයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (26) දින ආරම්භ වූ සිවුවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් සිටි 19 හැවිරිදි කොන්ස්ටාස්ගේ උරහිසේ විරාට් කෝලි සිතා මතා ගැටී තිබෙනවා.

කොන්ටාස්, උස්මාන් කවාජා සමඟ කතා කිරීමට තණතීරුව දිගේ ඇවිද යන විටයි 10 වැනි ඕවරය අවසානයේ සිටි කෝලි මෙසේ හැසිරී ඇත්තේ.

එහිදි විනිසුරුවන් ඉදිරියේ දෙදෙනා වචන හුවමාරු කරගත් අතර කවාජා තත්ත්වය සමනය කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම, ක්‍රිකට් විචාරකයින්ගේද දෝෂ දර්ශනයට ලක්වුණා.

තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පැවසුවේ 36 හැවිරිදි කෝලි “නුසුදුසු ශාරීරික සම්බන්ධතා” පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) මාර්ගෝපදේශ කඩ කර ඇති බවයි.

කෝලි එම දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විනය විභාගයක් අවශ්‍ය නොවන බවයි ICCය පැවසුවේ.

සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ කොන්ස්ටාස් පන්දු 65කින් ලකුණු 60ක් ලබා ගනිමින් තරඟය අවසන් වන විට ඕස්ට්‍රේලියාවට ලකුණු 311-6ක් ලබා ගැනීමට සමත් වුණා.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this