ගතවූ පැය 24ක කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අතර බීමත් රියදුරන් 251 දෙනෙක් ද සිටින බවයි පැවසෙන්නේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උත්සව සමයේ මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබෙනවා.
මේ අතර පසුගිය පැය 24 තුළ කිසිදු රිය අනතුරක් වාර්තා වී නොමැති බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළා..