මුදල් වංචාවක් සම්බන්ධයෙන් හඳුන්නෙත්ති CIDයට

Published on

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ගොනු කළා.

ඒ තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව පවසමින් සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට සාක්ෂි සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මහජන නියෝජිතයෙක් මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙක්ද වන තමා වැනි අයව පවා භාවිතා කරමින් මෙවැනි වංචාවන් නොබියව සිදුකරන පසුබිමක සාමාන්‍ය පොදු මහජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් පවතින බවයි පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ.

නීතිය සැමටම පොදු බවත්, දැනට ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ප්‍රමාණවත් බවත් පැවසූ අමාත්‍යවරයා තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසු වූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව තමා විශ්වාසය තබන බවත් සඳහන් කළා.

ජනවාරි 5 දින Zoom තාක්ෂණය ඔස්සේ ජන හමුවක් මෙම වංචාකරුවන් විසින් සංවිධානය කර ඇති බවට මේ වන විට ප්‍රචාරය වන බවත්, එවැනි ජන හමුවක් තමා හෝ තම පක්ෂය විසින් සංවිධානය කර නොමැති අතර තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන්හට මුදල් ලබාදීමෙන් වළකින ලෙස සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this