පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනයට ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දැනට වෙළෙඳපොලේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවතිය හැකි බවටයි රජය නිරීක්ෂණය කර තිබෙන්නේ.
මේ අනුව ආනයනික බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ලබන ජනවාරි 10 වැනිදා දක්වා පුද්ගලික අංශයට තවදුරටත් සහල් ආනයනය කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.
මේ වන විටත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් සහල් මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි රජය සඳහන් කළේ.