ජංගම රෝහල සහිත චීන නෞකාව කොළඹ වරායේ දී වැඩ අරභයි

Published on

චීන රජයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව නොමිලේ ලබා දීම ඊයේ (23) සිට කොළඹ වරායේ දී ආරම්භ වුණා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මෙම නෞකාව දෙසැම්බර් 27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටියි.

CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීනකටු ප්‍රතිකාර ඇතුළු එරට වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි විශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this