මෙරට රුමේනියානු තානාපතිවරිය, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Published on

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි, Steluta Arhire මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් දෙසැම්බර් 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කළාය.

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැප වී ක්‍රියා කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය තානාපතිනිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර තානාපතිනියගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම්ද පිරිනැමීය.

ඉදිරි වසරවලදී දෙරට අතර සමීප සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this