ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස පත් කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතනය වනවා.
මේ වන විට ස්වාධීනව ක්‍රියාකරන දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනවල නිර්මාණාත්මක බව අන්තර්ජාතික වෙළඳපළට ගැළපෙන පරිදි හසුරුවමින් දේශීය අත්කම් කලාව අන්තර්ජාතික වෙළඳපළ තුළ ස්ථාවර කිරීම අරමුණු කර ගනිමින් අමාත්‍යාංශය විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම වගකීම භාරගත් ජාතික ශිල්ප සභාවේ නව සභාපතිනිය වන ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන සංවර්ධනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස 2006 වසරේ සිට කටයුතු කරනු ලබනවා.
ඇය ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම ප්‍රවර්ධනය සහ නිර්මාණය සඳහා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල වෘත්තීමය අත්දැකීම් රැසකින් හෙඹි බව සඳහන්.