සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත Kunle Adeniyi මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වයෙන් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ අවබෝධය ලබා ගැනීම සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.
මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් දියුණු කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ බව සඳහන්.