නීතියේ ආධිපත්‍ය සහතික කරන්න කඩිනම් ප්‍රතිසංස්කරණවලට මුලපුරන ලෙස ජනපතිට ඉල්ලීමක්

Published on

රට තුළ නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහතික කිරීම සදහා කඩිනම් ප්‍රතිසංස්කරණ සදහා මුලපුරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා මෙම ඉල්ලීම සිදුකළා.

වැදගත් කේෂ්ත්‍ර තුනක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ක්ෂණික අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව බරපතල අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණවල දිනපතා විභාග කිරීම, දූෂණ පාලන ප්‍රතිසංස්කරණ සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම එම කේෂ්ත්‍ර තුන ලෙස නම් කර තිබෙනවා.

මෙම යෝජනා කෙරෙහි අවධානය යොමු කර පූර්ණ සැලකිල්ලක් දක්වන්නේ නම් රජයේ ක්‍රියාමාර්ග සහ ඒවාට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this