2010 වසරට පෙර ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් පිරිසගේ නම් ලැයිස්තුව ඉදිරියේදි එළියට දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
එම ලැයිස්තුව තුළ සමාජවාදී පිරිසත් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ට වාසිදායක නම් ලිස්ට් එකක් ඉදිරිපත් කළ බවත්, නිවැරදි ලිස්ට් එක ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
වත්මන් ආණ්ඩුවේ මේ සියල්ල මාධ්‍ය සංදර්ශන පමණක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ.