තම රෝගී පුතා නිවසට ගෙන එන්න – ඕස්ට්‍රේලියානුවෙක් එරට රජයෙන් ඉල්ලයි

Published on

භූමිකම්පාවෙන් විනාශයට පත් වනුවාටුහි සිටින මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන තම නව යොවුන් වියේ පුතා නිවසට ගෙන ඒමට උදව් කරන ලෙස ක්වීන්ස්ලන්ත ජාතිකයෙක් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ, එරට ගුවන් හමුදාවේ (RAAF) යානා භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ජනතාව බේරා ගැනීමට ගොස් තිබුණ ද, එම යානා රෝද පුටු රැගෙන යාමට සකසා නොමැති බව පවසා තම දරුවා රැගෙන විත් නොමැති බවයි.

මේ සතිය මුලදී දකුණු පැසිෆික් දූපත් සමූහයට මාරාන්තික, රික්ටර් පරිමාණ ඒකක 7.3ක පමණ ප්‍රබල භූමිකම්පාවක් හට ගත්තා.

ලියම් ලින්ච් නමැති අදාළ පුද්ගලයාගේ 14 හැවිරිදි පුත් ෂෝන් ඔහුගේ මව සහ ආච්චි සමඟ ඒ වන විට වනුවාටුහි සිටි බවයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ සිටින ලින්ච් උත්සාහ කරන්නේ නත්තලට පෙර තම පවුල නිවසට ගෙන්වා ගැනීමටයි.

භූමිකම්පාවෙන් වනුවාටු අගනුවර වන පෝට් විලා විනාශ වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගිය ගොස් තිබුණා.

එමෙන්ම භූමිකම්පාව හේතුවෙන් රටේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවා වසා දැමීමටයි තීරණය කෙරුණේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this