ගිම්හානයේ දියේ ගිලීමෙන් සිදුවන මරණ ඉහළ යයි – ඕස්ට්‍රේලියානු ජීවිතාරක්ෂකයින්ගෙන් ජල ආරක්ෂණ අනතුරු ඇඟවීම්

Published on

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දියේ ගිලී යාම වැළැක්වීමේ ආයතනය වන Royal Life Saving Australia දත්තවලට අනුව, 2023 වසරේ එම කාලයට වඩා මේ වසරේ ගිම්හානයේ මුල් සති තුන තුළ ඕස්ට්‍රේලියාව පුරා පුද්ගලයින් වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් තිබෙන බව වාර්තා කරනවා.

එම වර්තමාන මරණ අනුපාතය පස් අවුරුදු සාමාන්‍යයට වඩා 120% කින් වැඩි වේ.

ඒ අනුව Royal Life Saving Australia විසින් දෙසැම්බර් 1 වැනිදා සිට නිව් සවුත් වේල්ස්හි 6ක් සහ ක්වීන්ස්ලන්තයේ 5ක් ඇතුළුව දියේ ගිලී මරණ 18ක් වාර්තා කර තිබෙනවා.

NSW පොලිසිය ඊයේ (21) පවසා ඇත්තේ ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ Kiama අසල Gerringong හි Werri Beach හි ජීවිතාරක්ෂකයින් විසින් මුර සංචාරය නොකළ ප්‍රදේශයක ජලයේ සිහිසුන් වීමෙන් එක් කාන්තාවක් මිය ගිය බවයි.

එම ස්ථානයට කැඳවූ නිලධාරීන් මහජනතාව සහ ප්‍රාදේශීය සර්ෆ් ක්ලබ් නියෝජිතයින් CPR සිදු කළ නමුත් 66 හැවිරිදි ඔහුට පණ ගැන්වීමට නොහැකි වූ බවයි කියන්නේ.

එමෙන්ම ගෝල්ඩ් කෝස්ට් හි, මධ්‍යම රාත්‍රියට පමණ සාගරයේ තිබී සොයා ගැනීමෙන් පසු සෙනසුරාදා බර්ලි හෙඩ්ස්හිදී ද වයස අවුරුදු 50 ක පුද්ගලයකු මිය ගිය බව සඳහන්.

ගිම්හාන උත්සව සමය ආරම්භ වීමත් සමඟම දියේ ගිලී මියයෑම් හතරෙන් එකක් සිදු වන්නේ නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද අතර කාලය තුළ බව එරට Royal ජීවිතාරක්ෂක සංවිධාන දැනුවත් නිසා ඕස්ට්‍රේලියාවේ නිවාඩු දිනවල ජල මාර්ග අවට ජල ආරක්ෂණ උපදෙස් ප්‍රවර්ධනය කිරීම් හා අනතුරු ඇඟවීම් දිගටම කරගෙන යන බවයි කියන්නේ.

Royal ජීවිතාරක්ෂක ප්‍රධාන විධායක නිලධාරී Justin Scarr පවසා ඇත්තේ වසර අවසාන නිවාඩු කාලය සහ රට පුරා අඛණ්ඩව පවතින යහපත් කාලගුණික දිනයන් මාරාන්තික දියේ ගිලීමේ සංඛ්‍යාව ඉහළ යාමට දායක වී ඇති බවයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විනෝද චාරිකා යන්නේ කොතැනටද යන්න පිළිබඳව බුද්ධිමත් තේරීමක් කරන ලෙසත්, ප්‍රාදේශීය තත්ත්වයන් දැන ගැනීමත්, මිනිසුන්ට පිහිනීමට නොහැකි නම්, කිසිසේත් ජලය අසළට නොයන ලෙසත් ය.

මේ අනුව Royal Life Saving Australia සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේම නිකුත් කරන වාර්ෂික වාර්තාවක කොටසක් ලෙස එහි ජාතික දියේ ගිලීමේ සංඛ්‍යාලේඛන සම්පාදනය කරයි.

පසුගිය මූල්‍ය වර්ෂයේ වාර්තා වූ මරණවලින් 10න් අටකට වඩා පිරිමින් සම්බන්ධ වන අතර, මරණවලින් 40% ක් වයස අවුරුදු 55 සහ ඊට වැඩි වැඩිහිටියන් වේ.

එමෙන්ම එම සිදුවීම්වලින් 83 ක් ඕස්ට්‍රේලියාවේ දියේ ගිලී මිය ගිය නමුත් විදේශයන්හි උපත ලැබූ අය බවයි සඳහන් වන්නේ.

ඕස්ට්‍රේලියාවේ දියේ ගිලීම් බොහෝ දුරට ගිම්හානයේදී සිදු වන නමුත්, එම සංවිධානයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ මරණ පහෙන් එකක් සරත් සෘතුවේ දී සිදුවන අතර බොහෝ මරණ සිදුවන්නේ ඉරිදා දින සහ බොහෝ විට මධ්‍යම රාත්‍රියේ සිට සවස 6 දක්වා කාලය තුළ බවයි.

මේ අනුව Royal Life Saving Australia හි වාර්ෂික වාර්තාව මඟින් වසර පුරා ජල මාර්ග අවට ආරක්ෂිතව තබා ගැනීමට මිනිසුන්ට අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු හයක් දක්වා තිබෙනවා.

  1. ළමයින් ජලයේ හෝ අවට සිටී නම් ඔවුන් පිළිබඳ අධීක්ෂණයෙන් සිටීම
  2. ජල ආරක්ෂණ ජීවිතාරක්ෂක කුසලතා සහ පිහිනන ආකාරය ඉගෙන ගැනීම
  3. බෝට්ටු පැදීමේදී හෝ ගල් මසුන් ඇල්ලීමේදී ජීවිතාරක්ෂක කබායක් පැළඳීම
  4. මුර සංචාරයේ යෙදෙන වෙරළ තීරයේ පමණක් පිහිනීම
  5. මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීම වේ.
  6. පිහිනන විට, කාලගුණය සහ ජල තත්ත්වයන් පරීක්ෂා කිරීම වේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...