දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති කරුණු විමසයි

Published on

දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් අද(19) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබ තිබෙනවා.

මෙහිදී දැල්පන්දු සංගම් නියෝජිතයන්ගෙන් වත්මන් තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා විමසූ අතර, වර්තමානයේ පවතින අර්බුද ඇති වීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස කරුණු විමසු බව සඳහන්.

පසුව සංගම් නියෝජිතයන් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ඔවුන් ගේම්කාරයින් නොවන බවත්, ක්‍රීඩාව සමඟ කිසිවිටෙක සෙල්ලම් නොකරන බවත්, කිසිවෙකුට එසේ කිරීමට ඉඩක් නොතබන බවත් ය.

කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ වි⁣ශේෂ හිතවත්කමක් හෝ වි⁣ශේෂ අමනාපයක් නොමැති බව ප්‍රකාශ කළ එතුමා ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවද අවධාරණය කළා.

එමෙන්ම, දැල්පන්දු සම්බන්ධව ඇති නීති කෘත්‍යයන් හැකි ඉක්මනින් අවසන් කොටගෙන, ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වා නිලධාරී මණ්ඩලය නැවත පත් කරගන්නා ලෙස ද උපදෙස් ලබා දුන් අතර එම කිසිදු කටයුත්තකට මැදිහත් නොවන බවයි පැවසුවේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, සුගත් තිලකරත්න, එරංග ගුණසේකර හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this