අයිශ්වර්යා සහ අභිෂේක් වෙන් වෙලා නැහැ?

Published on

ඉන්දියාවේ වගේම ලෝකය පුරාම කතා බහට ලක් වූ යුවලක් වූ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි වෙන් වෙලා කියලා පහු ගිය කාලය පුරාවටම විවිධ කට කතා ප්‍රචාරය වුණා.

ඒ අස්සේ ෆේස්බුක් එකේ නම් තිබ්බේ අයිශ්වර්යාත් එපා කියන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා නේද කියලා.

ඇයි ඉතින් ලෝකයක් ආදරේ කරන ඒ වගේ කාන්තාවක් කෙනෙක් එපා කියන එක බුකිය ඇතුළේ පොඩියට සමච්චලයට ලක්වීම වැරදියි කියන්නත් බැහැ.

කොහොම හරි අද අපි කියන්න යන්නේ ඒක ගැන නෙමේ.

අලුත්ම ආරංචියට අනුව, අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි එකට ඉන්නවා කියලා පොඩි හාවක් හූවක් යනවා.

ඉතින් අපිටත් නිකම් ඉන්න බෑනෙ, අපි හෙව්වා මේ මොකද්ද කියලා.

බලාගෙන යද්දී මෙතන වෙලා තියෙන්නේ වෙනම දෙයක්.

ආ… ඒක කියද්දී මතක් වුණේ,

කතාව කියන්නේ නැතුව විකාර කියවනවා කියලා හිතන්න එපා මේකත් ඒ කතාවට සම්බන්ධ දෙයක්.

මේක වුණේ මීට ටික කාලයකට කලින්, හරියටම මුකේෂ් අම්භානිගේ පුතාගේ වෙඩින් එක දවසේ.

එදා අයිශ්වර්යා දුව එක්කද කොහෙද ඇවිල්ලා ඉදිදි ෆොටෝ ගහන්න ගිහින් හුටපටයක් වුණා නේ.

එදා තමයි මේ කට කතා ලොකුවටම ගියේ. ඔන්න කපල් එක වෙන් වෙලා කියලා.

අපිට මොකටද අනේ කාගේවත් දේවල් හා නැද්ද ?

දැන් අපි යමුකෝ මේ කතාවට.

අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායිගේ එකම දුව ආරාධ්‍යාගේ පාසල් වාර්ෂික උත්සවය වෙලාවේ තමයි මේ ආරංචිය එන්නේ.

කොහොම හරි ඒ උත්සවයට මේ ජෝඩුව එන්නේ එකටමයි.

වැඩේ කියන්නේ මාමණ්ඩිය ඒ කියන්නේ අමිතාබ් බච්චන් පවා ඒකට එනවා.

එතැනදී අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි එකටම ඉන්නවා දැකපු ගොසිප් කාරයෝ, හරියට මේ අපි වගේ අය, ඔන්න දැන් කියනවා කපල් එක වෙන් වෙලා නැහැ වගේලු.

අපිට මොකටද අනේ කාගේවත් දේවල් හා නැද්ද ?

ධිරුබායි අම්බානි පාසලේ තමයි ආරාධ්‍ය ඉගෙන ගන්නේ.

අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි මෙතන ඉන්නේ එකටමයි. එහෙනම් ඉතින් වෙන් වෙලා කියන්න බැහැනේ.

පවුල් ප්‍රශ්න නම් කොහෙද අනේ නැත්තේ.

ඩාම් වෙනවා ඩූම් වෙනවා.

අභිෂේක් බච්චන් වුණත් අයිශ්වර්යා රායි වුණත් පවුල් ප්‍රශ්න එන්න පුළුවන්.

අවසාන නිගමනය ඒක.

අපිට මොකටද අනේ කාගේවත් දේවල් හා නැද්ද ?

ආයේ මේ වගේ කාගේ හරි දෙයක් ආරංචි වුණොත් අපි ලියන්නම්කො.

එහෙනම් අභිෂේක්, අයිශ්වර්යා එක්ක සතුටින් ඉන්න ඕන.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...