ඇමරිකාවේ තහනම් කිරීමට නියමිත TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් ට්‍රම්ප් හමුවෙයි

Published on

ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේදී TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සි චු හමුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

TikTok හි හිමිකාරීත්වය දරන චීන මව් සමාගම වන ByteDance ඇමෙරිකාවේ තහනමකට මුහුණදී සිටින පසුබිමක් තුළයි මෙම හමුව පිළිබඳ වාර්තා වන්නේ.

එළඹෙන ජනවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි TikTok ජංගම දුරකථන යෙදවුමක් ලෙස ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් අප්‍රේල් මාසයේදී අත්සන් කළ නව නීතියකට අනුවයි.

ඉන් වැළකීමට නම් ඇමෙරිකාව තුළ TikTok හි හිමිකාරීත්වය චීනයට අයත් නොවන වෙනත් පාර්ශවයකට පැවරිය යුතු බවයි කියන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ByteDance ඉකුත් දා අමෙරිකානු අධිකරණයක් හමුවට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එය අසාර්ථක වූ බැවින් මේවනවිට TikTok සඳහා බලාත්මක කිරීමට නියමිත නීතිය තාවකාලිකව අවහිර කරන ලෙසයි ByteDance අමෙරිකානු ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම වාර්තා මධ්‍යයේයි විදෙස් මාධ්‍ය ට්‍රම්ප් සහ TikTok ප්‍රධාන විධායක නිලධාරියාගේ හමුව පිළිබඳ වාර්තා කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ඔහුගේ පළමු ධූර කාලය තුළ TikTok තහනමට මුලදී සහයෝගය ලබාදුන්නද, පසුව එයට විරෝධය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ට්‍රම්ප් විශ්වාස කරන්නේ සිය 2020 මැතිවරණ පරාජයට දායක වූ බවට ට්‍රප්ම් චෝදනා කළ ෆේස්බුක් වෙත මෙම තහනම මගින් නොදැනුවත්වම ප්‍රතිලාභ ලැබිය හැකි බවය.

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය එළඹෙන ජනවාරි 20 වනදා ආරම්භ වීමට නියමිත අතර, TikTok විකිණීම හෝ තහනම් කිරීම සඳහා නියමිත කාලසීමාව අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනි දිනයි.

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

More like this