ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නාවික හමුදා සෙබලෙකු ද මියගිය පිරිස අතර සිටින බවද එම වාර්තාවල සඳහන්.
යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහි වෙරළට ඔබ්බෙනි.
අනතුර සිදු වීමට පෙර මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රවේ 05 දෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු වූ බව කියයි.