ඉන්දීය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තෙවැනි ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

Published on

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි තරඟය ජය පරාජයෙන් තොරව අද (18) නිමාවට පත් වී තිබෙනවා.

අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 24.1 ක් පමණක් වන අතර ඒ පස්වැනි දිනයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන්.

තරඟය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන්වලයි.

අද දිනයට තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියා.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 445 ට පිළිතුරු ලෙස ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 260කි.

පසුව තරඟය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 275 ක ඉලක්කයක් හිමි කර දෙමින් ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

ඒ කෙසේ වෙතත්, තරඟය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඉන්දියාව කඩුලු කිසිවක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8කි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this