අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයෙන් අමෙරිකාවට දැඩි විරෝධය

Published on

චීනයෙන් ආනයනය කෙරෙන ටංග්ස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කළේ පසුගියදා 11 වැනිදායි.

එලෙස අමෙරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය, චීනයේ ඇතැම් නිෂ්පාදිත සඳහා තවදුරටත් ඉහළ නැංවීමට අමෙරිකාව ගෙන ඇති තීරණයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා මෙ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිළි කරමින් අවධාරණය කර ඇත්තේ, අමෙරිකාව, චීන නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය කලකට පෙරම තීන්දු කර ඇති බවයි.

අමෙරිකාව මෙවන් විධිවිධාන එරට වෙළඳ හිඟය හා කර්මාන්ත තරගකාරීත්වය මුහුණ පා ඇති ප්‍රශ්නවලට කිසිදු අයුරකින් විසඳුම් ක්‍රියාමාර්ගයක් නොවනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

මින් සිදු වනුයේ, අමෙරිකාවේ උද්ධමනය ඉහළ යාම හා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ ප්‍රතිලාභවලට හානි සිදුවීම පමණක් බවත්, ඉන් ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය හා ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය ද බරපතල ලෙස විනාශ කෙරෙනු ඇති බවත් චීනයේ අදහසයි.

එබැවින් අමෙරිකාව කඩිනමින් සිය වරද නිවැරදි කර චීන නිෂ්පාදිත කෙරෙහි පැනවූ අතිරේක තීරු බදු අහෝසි කළ යුතු බවයි චීන බලධාරීන් පවසන්නේ.

එමෙන්ම සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට දැඩිව සූදානම් බව ද චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා අවධාරණය කර ඇති බව චීන මාධ්‍ය වාර්තාවල සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...