චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව එරට ජාතික සංඛ්‍යා‍ ලේඛන දෙපාර්තමේන්තුව කියයි

Published on

චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා‍ ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක‍ට එක් වෙමින් ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති ප්‍රකාශක ෆු ලිං හුවෙයි මහතා මේ බව සඳහන් කළා.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව ද පැහැදිළි කිරීමටත් ඔහු එහිදී පියවර ගෙන තිබුණා.

පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ කාර්මික වර්ධනය, යන්ත්‍රෝපකරණ හා අධි තාක්ෂණික නිෂ්පාදන වේගවත් වී ඇති බවත්,  වාර්ෂික ආදායම චීන යුවාන් කෝටි 2 ඉක්ම වූ කාර්මික ව්‍යවසායන්හි අතිරේක අගය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂ ව 5.4%කින් වර්ධනය වූ බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එමෙන්ම සේවා කර්මාන්තයේ ද වර්ධනයක් දක්නට ලැබෙන අතර  එම මාසයේ එහි නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 6.1%කින් වැඩි වී ඇති බවත් ෆු ලිං හුවෙයි මහතා පෙන්වා දී තිබෙනවා.

තවද, වෙළඳපොලේ අඛණ්ඩව ක්‍රියාකාරී වන අතර නිශ්චිත වත්කම් ආයෝජනය, නිෂ්පාදන සහ අධි තාක්ෂණ කර්මාන්තයන් හි තිරසර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව මෙවර එම කාලය තුළ රටේ පාරිභෝගික භාණ්ඩ සිල්ලර අලෙවිය 3%කින් ද, නිශ්චිත වත්කම් ආයෝජනය 7.4%කින් ද වර්ධනය වී ඇති බවත් මෙහිදී අනාවරණ වී ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

එමෙන් ම භාණ්ඩ ආනයනය හා අපනයනය ද වර්ධනය වෙමින් චීනය තුළ වෙළඳ ව්‍යූහය අඛණ්ඩව ප්‍රශස්ත වෙමින් පවතින බවත් එම වාර්තාවල සඳහන්.

පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ ආනයනික භාණ්ඩවල සමස්ත අගය චීන යුවාන් බිලියන 3750.6ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 1.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

එමෙන්ම මේ වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය පළමු වරට කිලෝග්‍රෑම් බිලියන 700 ඉක්මවා ගොස් ඇති බවත්, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 1.6%ක අගයකින් වැඩි වී ඇති බවත්, චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා ෆු ලිං හුවෙයි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...