ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමේ වැඩසටහනක්

Published on

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබෙනවා.

එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලබන්නේ විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුර පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක් කෙරෙයි.

මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Latest articles

2028 දී 10 ශ්‍රේණියට හඳුන්වා දෙන නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය – අධ්‍යාපන ඇමති

2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත්, එම නව විෂය...

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න – බලශක්ති අමාත්‍යාංශය

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැද පෙරදිග යුද...

සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට සූදානමක්

20වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බව ලංකා දුම්රිය නියාමක සංගමය...

චාමර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නැහැ – අල්ලස් කොමිසම

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව...

More like this