ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

Published on

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට

තුර්කියේ සහය අමෙරිකාවට, කටාර් රාජ්‍ය ඉරානයට සහය දක්වයි, සෞදි රාජ්‍ය අමෙරිකාවෙන් ගැලවෙන ලකුණු

ඉරාන ඊශ්‍රායල ගැටුම සමග මැදපෙරදිග කලාපය උණුසුම් වී ඇති පසුබිමක, රුසියාව සහ අමෙරිකාව හිතවාදී රටවල් සිය අදහස් දැක්වීම් ප්‍රසිද්ධියේ සිදුකරමින් පවතිනවා.

ඒ අනුව කලාපයේ ඉරානය, එනම් රුසියාව හිතවාදී පාර්ශ්වය වෙනුවෙන් කටාර් රාජ්‍ය පෙරට පැමිණ ඇති අතර ඔවුන් ඊශ්‍රායල ප්‍රහර හෙලා දැක ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කිය අමෙරිකා හිතවාදී ලෙස කටයුතු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන පරිදි න්‍යෂ්ටික සාකච්ඡාවක් අවශ්‍ය බවයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම විසඳීමට ඇති එකම මාර්ගය න්‍යෂ්ටික සාකච්ඡා ලෙස තමා දකින බවයි තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ.

ආරවුල විසඳීම සඳහා න්‍යෂ්ටික සාකච්ඡා දිගටම කරගෙන යා යුතු බවට තුර්කිය, එක්සත් ජනපද මතයට සහය දක්වන බවත් එර්ඩෝගන්, ට්‍රම්ප්ට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සෞදි අරාබියේ බින් සල්මන් සමඟ දුරකථනය හරහා සාකච්චා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මසූද් පෙසෙෂ්කියන් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් සමඟ දුරකථනය හරහා අදහස් හුවමාරු කරගෙන ඇති අතර “ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, මම කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට උත්සාහ කළ නමුත්, සියොන්වාදී පාලනය අපට යමක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූ සෑම මොහොතක් ම කඩාකප්පල් කළ බවයි” පෙසෙෂ්කියන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

වසර ගණනාවක සතුරුකමෙන් පසු 2023 දී දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වූ දා සිට රියාද් සහ ටෙහෙරානය අතර සබඳතා සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව ද විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

අමෙරිකාවට හිතවාදී ලෙස කටයුතු කළ සෞදි අරාබිය ඉදිරියේ දී කුමන තීරණයක් ගනු ඇත්දැයි තවමත් ප්‍රකාශ කළ නොහැක.

මේ අතර කටාර්හි ෂෙයික් තමීම් ඉරාන ජනාධිපති සමඟ කළ දුරකථන සාකච්ඡාවක දී ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක තිබෙනවා.

ෂෙයික් තමීම්, ඊශ්‍රායල ප්‍රහාර “ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සහ ජාත්‍යන්තර නීතියේ නීති රීති සහ මූලධර්ම පැහැදිලිව උල්ලංඝනය කිරීමක්” ලෙස එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එවන් පසුබිමක ‘ඊශ්‍රායල – ඉරානයේ මෙම යුද්ධය අවසන් විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

මැද පෙරදිග සහ යුක්රේනයේ ගැටුම් පිළිබඳව තම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කළ බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ.

“මට දැනෙනවා වගේ, ඊශ්‍රායලය – ඉරානය අතර මේ යුද්ධය අවසන් විය යුතුයි කියලා ඔහුත් හිතනවා, මම ඒකට පැහැදිලි කළා, ඔහුගේ යුද්ධයත් අවසන් විය යුතුයි,” ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක එලෙස ප්‍රකාශ කර තිබෙනවා..

මේ අතර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායල හමුදාව පවසන්නේ මිනිසුන්ට සිය නවාතැන්වලින් ඉවත් විය හැකි බවයි

ඊශ්‍රායල ජාතිකයින්ට තවදුරටත් ආරක්ෂිත ප්‍රදේශවල රැඳී සිටීමට අවශ්‍ය නොවන බව ඊශ්‍රායල හමුදාව එලෙස පවසන්නේ ඉරාන මිසයිල රැල්ල අවසන් වී ඇති බව ඉඟි කරමින්.

ඊශ්‍රායලය සහ ඉරානය මෙලෙස යුද වදිමින් සිටින අතර වාරයේ යේමනයට ද ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය වාර්තා කරන්නේ මෙහෙයුමේ අරමුණ හවුති මිලීෂියා නිලධාරියෙකු ඝාතනය කිරීම බවයි.

මෙහෙයුමේ ප්‍රතිඵල තක්සේරු කරමින් පවතින බව ද වාර්තා වනවා.

ඒ අනුව මෙහෙයුම සාර්ථක වුවහොත් එය අතිශයින් වැදගත් වනු ඇති බව ද ඊශ්‍රායලය බලධාරියෙක් ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

Latest articles

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු...

දයා ගමගේට අයත් බව පැවසෙන රු. කෝටි 10ක් වටින චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත්...

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට...

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ...

More like this

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු...

දයා ගමගේට අයත් බව පැවසෙන රු. කෝටි 10ක් වටින චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත්...

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට...