ඉරානයෙන්, ඊශ්‍රායලයට දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාර

Published on

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට අද (14) අලුයම දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, ප්‍රහාරයෙන් ඊශ්‍රායල රෝහල්වල පුද්ගලයින් හතළිස් දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස , එරට හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර 100ක් පමණ එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබෙනවා.

ප්‍රහාරත් සමග ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවයි විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ.

ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ එහි සිටින තුවාලකරුවන් සොයමින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරමින් සිටින බව සඳහන්.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත්කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි සපථ කරමින් කියා සිටියේ, ඊශ්‍රායලය තමන්ට එල්ල කළ රාත්‍රී ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවයි.

එමෙන්ම ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇති බවයි නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකට එක්වෙමින් ඉරානයේ නියෝජිත අමීර්-සයිඩ් ඉරාවානි පැවසුවේ.

එම ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 320කට අධික බව සඳහන්.

මේ අතර “ඊටත් වඩා කුරිරු” ඊශ්‍රායල ප්‍රහාර ගැන අනතුරු අඟවමින්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...