ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක (IDF) එෆී ඩෙෆ්රින් පැවසුවේ විවිධ පතොරම් 330කට වඩා දැනටමත් බිම හෙළා ඇති බවයි.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සඳහා ප්‍රහාරක ජෙට් යානා 200ක් සම්බන්ධ වූ බවත්, ඒවා ඉරාන භූමිය තුළ ඉලක්ක 100කට පමණ පහර දුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඊශ්‍රායල හමුදාව (IDF) ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් සිදු කිරීමෙන් පසුව මෙම ප්‍රතිප්‍රහාර බව සඳහන්.
ඊයේ රාත්‍රියේ සිදු කළ එම ප්‍රහාර හේතුවෙන් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියා සහ ඉරානයේ හදිසි අණදෙන නිලධාරියා ඇතුළු ජ්‍යේෂ්ඨ ඉරාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය තහවුරුකර සිටියා.