අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට ලබුබු බෝනික්කෙක් අලෙවි වෙයි

Published on

ලබුබු බෝනික්කෙක් වාර්තා ගත අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් යුතු එම විශාල ලබුබු බෝනික්කා මෙලෙස අලෙවි වී තිබුණේ චීනයේ බීජිං නුවර පැවති වෙන්දේසියකදීයි.

ලබුබු නමින්, මෙලෙස ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වී ඇත්තේ, අපූරු මුහුණක් ඇති බෝනික්කන් විශේෂයකි.

මේ ලබුබු බෝනික්කන් වෙනුවෙන් ලොවපුරා කාගෙත් වැඩි ඉල්ලීමක් හිමිවුණේ ලෝකප්‍රකට ගායක කණ්ඩායමක් වන බ්ලැක් පින්ක් හි සාමාජිකාවක සිට පසුව අතිශය ජනාදරයක් දිනාගත් ලීසා, එම බෝනික්කන් සම්බන්ධයෙන් දුන් ප්‍රචාරය හේතුවෙන්.

මෙම වෙන්දේසිය පැවැත් වූ යොන්ග්ලේ ජාත්‍යන්තර වෙන්දේසි සමාගමට අනුව, වෙන්දේසියේ තැබූ බෝනික්කා අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහස ඉක්මවූ මුදලකටයි අලෙවි වී තිබුණේ.

එය ලබුබු බෝනික්කෙක් අලෙවි වී ඇති වැඩිම මුදල වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පැය 48ක කාලයක් ලබාදී තිබූ මේ වෙන්දේසිය සඳහා 200 ඉක්මවු පිරිසක් ලංසු තබා තිබූ බවයි.

ඊට අමතරව තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ඊට ලංසු තබා තිබුණා.

ලබුබු නම් අපූරු බෝනික්කා පළමුව නිර්මාණය කර ඇත්තේ හොංකොං ජාතික කලාකරුවෙක් වන කේසිං ලන්ග් විසින්.

ඉන් පසුව ක්‍රමයෙන් එය ලොවපුරා වෙසෙන කලාකරුවන් අතර ජනප්‍රිය වූ අතර, එහි පවතින අසීමිත ඉල්ලීම හේතුවෙන් මිලද ක්‍රමයෙන් ඉහළ ගියා.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this