කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් 02ක්ට දිවි අහිමිවෙයි

Published on

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”

යනුවෙනුයි.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this