රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් නමැත්තෙකු විසින් කබ්බන් පාර්ක් පොලිස් ස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.
විරාත් කෝලි ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය හරහා සූදුව ප්‍රවර්ධනය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයේ සංවිධායකයින්ට අනුබල දී ඇති බවටයි ඔහු මෙම පැමිණිල්ල මඟින් චෝදනා එල්ල කරන්නේ.
වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පසූගිය ජූනි 04 වෙනි දා පැවති උත්සවයක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියා.
සිදුවීමට අදාළව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිලධාරියෙකු සහ වැඩසටහන් කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.