දැඩි ඉස්ලාමීය නීතිය යටතේ ක්‍රියාත්මක වන අධිකරණයක් විසින් විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඉන්දුනීසියාවේ ආචේ පළාතේ යුවළකට ප්‍රසිද්ධියේ කස පහර 100 බැගින් ලබා දී තිබෙනවා.
එම යුවළට මෙම කෲර දඬුවම් ලබා දී ඇත්තේ එම පළාතේ පිරිසක් ඉදිරිපිටයි.
අවිවාහක යුවළක් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආචේ පළාතේ තහනම් වනවා.
එය ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන එකම ප්‍රදේශය වන අතර කස පහර දෙන එකම කලාපයයි.
ෂරියා පොලිසියේ වෙස්මුහුණු පැළඳගත් සාමාජිකයෙකු විසින් මෙම පහරදීම් සිදු කරන අතර එය ඉතා කම්පන සහගත වේදනාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දුනීසියාව 2022 දී නවතම අපරාධ නීති සංග්‍රහයේ විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම් කළ නමුත් එම නීතිය ලබන වසර වන තෙක් තවමත් බලාත්මක කර නැහැ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම පළාතේ අගනුවර වන බන්ඩා ආචේ හි උද්‍යානයක කුඩා පිරිසක් බලා සිටියදී, 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දෙදෙනාට වේවැලකින් පහර දුන් බවත්, සැකකාරියට කාන්තාවක් විසින් පහර දුන් බවයි.
එමෙන්ම සූදුව සහ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකුට ද මෙසේ වේවැල් පහර 49 ක් එල්ල කර තිබෙනවා.