72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද

Published on

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ අනුව ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු ‘2025 ලෝක රූ රැජින’ කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ලබයි.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියරයන් පැවැත්වූවා.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබනවා.

ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි.

ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත වේ.

කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනවා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇති.

අවසන් මහ තරගය මෙහෙය වන්නේ 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසිනි.

එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this