ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමට අඛණ්ඩව සහය ලබා දීමට ඉන්දියාව සිය එකඟත්වය

Published on

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමට අඛණ්ඩව සහය ලබා දීමට ඉන්දියාව සිය එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

මෙම හමුව සිදුව තිබුණේ බලශක්ති අමාත්‍යංශ කාර්යාලයේදීයි.

එහිදී, නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට ඉන්දියානු රජයේ සුබපැතුම් ද එක් කිරීම විශේෂත්වයක්.

මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ප්‍රකාශිත අරමුණු ඉටුකරගැනීමේ ඉදිරි වැඩපිළිවෙලට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉතා සතුටින් දැනුම්දෙන බවයි.

හිතවත් අසල්වැසියෙකු ලෙස ඉන්දියාව පොදුවේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය පිළිබඳ දක්වන සැලකිල්ල ඉතා ඉහළින් අගයකරන බව පවසා ඇති මහකොමසාරිස්වරයා නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූළව ඉදිරියේදී ද අඛණ්ඩව ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතුකරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ සහයෝගය ඉතා වැදගත් කරුණක් සේම සුබපැතීමට පැමිණීම ගෞරවයක් කොට සලකන බවයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳව මෙන්ම ඉන්දියානු රජයේ ප්‍රදානයන්, ඉදිරි ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදි සාකච්ඡාවට ලක් කොට තිබෙන බව සඳහන්.

විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රදානයන් මගින් ක්‍රියාත්මක වන ආගමික සිද්ධස්ථාන හා සම්බන්ධ සූර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව මෙන්ම කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සතුටක් බව ද ඉන්දියානු මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දියාව ලබා ඇති යෝධ ජයග්‍රහණයන් හා එහි සාර්ථකත්වයට හේතු වූ සාධක පිළිබඳව විස්තර කළ මහකොමසාරිස්වරයා විශේෂයෙන්ම ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, භූතානය යන රටවල් අතර පවතින බලශක්ති සම්බන්ධතා සහ ද්විපාර්ශවික එකඟතා පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම හමුවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ට අමතරව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය K.T.M. උදයංග හේමපාල, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.A. රාජකරුණා, ඛනිජ තෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සහ විදුලි හා විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් යන මහත්වරුන්ද සහභාගි වී සිටි බවයි කියන්නේ.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...