ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සමගි ජන බලවේගය (SJB) විවිධ පක්ෂ හතරක මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලට අනුව සජබය පහත දැක්වෙන දේශපාලනඥයන් නම් කර ඇති බව සඳහන්.
මනෝ ගනේෂන් – දෙමළ ප්‍රගතිශීලී සන්ධානය
නිසාම් කාරියප්පර් – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
සුජීව සේනසිංහ – සමගි ජන බලවේගය
අචු මොහමත් – සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකර සජබය ජාතික ලැයිස්තුව සඳහා වන නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද දිනයේදී තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.