ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන පුවත, සාවද්‍ය එකක් බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසනවා.
එම සාවද්‍ය ප්‍රකාශය පහතින්,
ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් කරන්න කියලා හදිසියේම ඉල්ලුවාම මම එතුමාට පැවසුවා මේ ඒකට සුදුසු නැකත් නැති කාලයක් කියලා. දළදා වහන්සේ මඟුල් නැකතකින් එළියට වඩම්මන්න ඕන . නැත්නම් රටට වස් වඳිනවා.
– ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර –
නමුත් මෙම ප්‍රකාශය ඇතුළත් පළකිරීම ව්‍යාජ ලෙස සැකසූ එකක් වන අතර, මෙවැනි ප්‍රකාශයක් දියවඩන නිලමේතුමා විසින් සිදුකර නොමැති බවයි මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය සඳහන් කළේ.