පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ.
මෙම පෙත්සම අද (14) කැඳවනු ලැබුවේ මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.