පසුගියදා අළුයම ගැරඬිඇල්ලේ දී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත ඊයේ (11) දින පැමිණියා.
එහිදී රෝහල් බලධාරීන් සමඟද අගමැතිතුමිය සාකච්ඡා කර ඒ පිළිබඳව සොයා බලා ඇති අතර ඒ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා පිළිබඳව හා සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳවයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද සහභාගි වූවා.




