අප මුහුණ දී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනය පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශය වැදගත් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අදට යෙදී තිබෙන වෙසක් පොහොය දිනයට සුභාශිංසන එක් කරමින් නිවේදනයක් නිකුත් කරමිනි.
එමෙන්ම රාජ්‍ය පාලනයේ දී දස රාජ ධර්මය වැනි උත්තරීතර මඟ පෙන්වීම් මෙන් ම ආර්ථිකය, සමගිය, සමානාත්මතාවය, විවිධත්වය තුළ එකමුතුව ඇතිකර ගන්නේ කෙසේද යන්න බෞද්ධ දර්ශනය තුළ ඕනෑ ම ආගමිකයකුට පිළිගත හැකි ආකාරයට ඉගැන්වීම් දක්නට ලැබෙන බවයි ඔහු පවසා ඇත්තේ.
ඒ අනුව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටින්නේ භෞතික සංවර්ධනයට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය රටක සංවර්ධනයේ ප්‍රබලත ම අවශ්‍යතාවයක් බව මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ දී ප්‍රධාන කරුණක් බව අප අවබෝධ කරගත යුතු බවයි.
එම නිවේදනය පහතින්,
