ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි.
ටිබෙට් හි ෂිගාට්සේ නගරයට ආසන්න ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව එම වාර්තාවල සඳහන්.
භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.