වෙසක් උත්සව වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Published on

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසනවා.

වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එහි දැක්වෙන්නේ රථවාහන තදබදය සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන බවයි.

මේ අතර, මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

විශේෂ රථවාහන සැලැස්ම ඇතුළත් එම නිවේදනය පහතින්,

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this