වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Published on

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබෙනවා.

ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.14 වන දින දක්වාද, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා සහ සිරස වෙසක් කලාපය 2025.05.12 දින සිට 2025.05.13 වන දින දක්වාද පැවැත්වීමට නියමිත බව සඳහන්.

බෞද්ධාලෝක වෙසක් කලාපය, බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භව බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා පැවැත්වෙනවා.

බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොම්පඤ්ඤවීදිය පොලීසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද, එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හි ද පවත්වනු ලබයි.

මීට අමතරව, බේබෘක් පෙදෙස සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වා ද වෙසක් කලාපයක් පැවැත්වේ.

ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාමක කිරීමට නියමිතයි.

ඒ අනුව 2025.05.12 වන දින සිට 2025.05.13 වන දින දක්වා කාලය තුළ කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 07.00 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදු කරනු ලබනවා.

වෙසක් කලාපය පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව එහි සඳහන්.

තවද, රථවාහන තදබදය සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවට ම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන අතර ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ සම්පූර්ණ නිවේදනය සහ මාර්ග පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...