නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) දින ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් ” Clean Sri Lanka ” වෙතින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.
මැයි මස 10වන දින සිට 16වන දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නුවරඑළියට පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මකයි.
එසේම රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් කැළි කසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකීම ඉටු කරන ලෙසත් ” Clean Sri Lanka ” වැඩසටහන ඉල්ලා සිටිනවා.