යුද්ධය ගැන ඍජු සාකච්ඡාවකට පුටින්ගෙන් යුක්රේනයට යෝජනාවක්

Published on

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවැත්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුක්රේනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ යුක්‍රේනය සමග මැයි 15 ට පෙර පූර්ව කොන්දේසියකින් තොරව සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

එසේම, මෙම සාකච්ඡා ලබන සතිය අවසාන වීමට ප්‍රථම ආරම්භ කළ යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර, කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද සූදානම් බවයි එම සාකච්ඡාවේ දී පූටින් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්රේනයේ කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා පැය කිහිපයකට පසු එම යෝජනාව රුසියානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this